නොසිතූ මොහොතක ගුවනෙන් බිමට වැටුණු යානය

චීනයේ ෂැංහායි නුවර සිට ජපානයේ ටෝකියෝ නුවර බලා පියසර කරමින් තිබූ ජපන් ස්ප්‍රින්ග් එයාර්ලයින් ගුවන් සේවයට අයත් “බෝයිං 737” ගුවන් යානය, නොසිතු මෙහොතක උඩු ගුවනේ සිට අඩි 26,000 ක් පහතට වැටී ඇති බව, වාර්තා වනවා.

ඒ, මිනිත්තු 10 ක් වැනි කෙටි කාලයක් ඇතුළ වීම සුවිශේෂි අවස්ථාවක් ලෙසයි, සැලකෙන්නේ.

‍”JL 8696″ ජපන් ස්ප්‍රින්ග් එයාර්ලයින් ගුවන් සේවයට අයත් යානය, ෂැංහායි පූඩොං ගුවන් තොටුපොළේ සිට ටෝකියෝහි නරීටා ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් සිටි තිබෙනවා.

එම අවස්ථාවේ අඩි 36,000 ක උසක සිට අඩි 10,500 ක දක්වා ක්ෂ‍ණයෙන් පහතට වැටී ඇති බවයි, වාර්තා වන්නේ.

යානය අනතුරට පත් වන අවස්ථාවේ එහි කාර්යමණ්ඩලය ඇතුළු මගීන් 191 දෙනෙකු ගමන් කරමින් සිටි බව, වාර්තා වනවා.

ක්‍ෂණිකව ගුවන් යානය පහතට කඩා වැටීමත් සමග යානය තුළ මගීන් බියට සහ දැඩි කම්පනයට පත්වූ බවයි, වාර්තා වන්නේ.

අභ්‍යන්තර අඩු පීඩන තත්වයකට මුහුණ දීමත් සමග මගීන්ට ඔක්සිජන් ආවරණ පැළඳීම ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ බවයි, ගුවන් සේවා අංශ ප්‍රකාශ කර සිටියේ.