අද සටනට ඊයේ පුහුණුවූ අපේ සිංහ පැටව්

 

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද ප.ව. 02.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. අද තරගයට සුදානම් වන ක්‍රීඩකයින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පුහුණුවීම් සිදු කළා. එම ක්‍රීඩාංගණයේදී තවමත් බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගයක් ජය ගෙන නැහැ. පළමු තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසු වනවා. අද තරගය ජය ගැනීමට හැකි වුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීයම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වනවා. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 77 කින්. එම තරගයේදී නායක චරිත් අසලංක තම පස්වැනි එක්දින ශතකය වාර්තා කළ අතර, වනිදු හසරංග එක්දින කඩුලු 100 කඩ ඉම පසු කළා. එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම ඉතා ඉහළ මට්ටමක තිබීම විශේෂත්වයක්.