ඊයේ (06) සවස් කාලයේ ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.
එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක අනුරාධ, පොලිස් කොස්තාපල් 99177 ලක්ෂාන් හාපොලිස් කොස්තාපල්105320 විජේසිංහ යන නිලධාරීන් විසින් සිව්දෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කර ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 20,21,22 හා 34 වයස්වල පසුවන වේයන්ගොඩ, පූඩළුඔය හා නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
