
රුසියාවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමල් ස්ටාරෝවොයිට් සියදිවි හානි කර ගෙන තිබෙනවා. මොස්කව් නගරයෙන් පිටත මෝටර් රථයක් තුළදී වෙඩි තබාගැනීමෙන් මියගොස් සිටි ඔහුගේ සිරුර සොයා ගැනුණා.
ඔහු සතුව තිබූ ගිනි අවියෙන් සිය දිවි හානි කර ගන්නට ඇති බවයි, මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ස්ටාරෝවොයිට්, ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙය සිදුවීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.
ස්ටාරෝවොයිට්, සේවයෙන් පහ කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ඇන්ඩ්‍රි නිකිටින් එම ධුරයට පත් කරන බවට නිවේදනයක් නිකුත් කෙරුණා.
ස්ටාරෝවොයිට්, 2024 වසරේ මැයි මාසයේදී ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු අතර, ඊට පෙර වසර 6 කට ආසන්න කාලයක් කර්ක්ස් කලාපයේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කර තිබෙනවා. පසුගිය කාලයේ එල්ල කෙරුණු යුක් රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.