මෙරට පකිස්තාන මහ කොමසාරිස් සහඇමති නලින්ද ජයතිස්ස අතර හමුවක්

මෙරට පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් මහතා ඊයේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුණගැසුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවේදී දෙරට අතර සහයෝගීතා වැඩසටහන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර සංස්කෘතිකාංග ඇතුළත් මාධ්‍ය වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ විචිත්‍රාංග හා ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් කරුණක්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ‍විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට පකිස්තානයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම අමාත්‍යවරයා ඇගයීමට ලක් කළා.

වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ මෙරට පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.