
වලව සුපර් ක්‍රොස් මෝටර් සහ යතුරුපැදි තරගාවලිය හෙට පැවැත්වෙනවා. එය, රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස නැරඹිය හැකියි. සෙවනගල ප්‍රදේශයේ උඩවලව ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ක්‍රාෆ්ට්මන් ඔටෝඩ්‍රෝම් ධාවන පථයේදී වලව සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වෙනවා.
දිවයිනපුරා සිටින සුපිරිතම යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් ඊට සහභාගී වීමට නියමිතයි. තරගාවලිය සංවිධාන කරන්නේ, සදර්න් මෝටර් ස්පෝට්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව ඒකාබද්ධවයි. මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 9 ක් ඊට ඇතුළත්. වලව සුපර් ක්‍රොස් තරගාවලිය, හෙට උදේ 9.00 සිට අයි නාලිකාව ඔස්සේ, සජීව ලෙස නැරඹිය හැකියි.