උතුර දිග චීනයට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් දහස් ගණනක් අවතැන්ව ඇති බවයි, චීන මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රදේශ රැසකින් ඊයේත් අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 80,000 කට අනතුර ඇගයීමේ නිවේදන නිකුත් කර තිබුණා.
හෙබෙයි ප්‍රදේශයේ නායයෑම් හේතුවෙන් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර, 8 දෙනෙකු අතුරුදන් බවයි, වාර්තා වන්නේ. අපදාවට පත්වූවන්ට අවශ්‍ය පූර්ණ සහන සැලසීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පිං උපදෙස් දී තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණික තත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවට, චීන කාලගුණ විද්‍යා අංශ පවසනවා.
