අස්වැසුම ප්‍රතිලාභී වැඩිහිටි දීමනාව හෙට ගිණුම්වලට

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජුලි මස වැඩිහිටි දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

ඒ අනුව, රුපියල් බිලියන 3 කට අධික මුදලක් ගිණුම් ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව හයලක්ෂ 768 ක්. හෙට සිට අදාළ මුදල් ලබාගත හැකි බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.