
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චතුරංග මුරමුදලි මහතාට ලැබුණු තොරතුරකට අනුව ගලෙන්බිඳුණුවැව නගරයේ පාසල් ළමුන්ට සහ උපකාරක පංති සදහා පැමිණෙන සිසුන්ට සහ තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් ගලෙන්බිඳුණුවැව නගරයේ ආයුර්වේද ඔසු සැලක් තුළ නීති විරෝධීව බලපත්‍ර නොමැතිව ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබුණා.
එහිදී එම පොලිස් ස්ථානයේ විශේෂ නිළදාරීන් පිරිසක් එම ආයුර්වේද වෙළදසැල පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ඔසුසැල පරීක්ෂා කිරීමේදී අලෙවි කිරීම සදහා සුදානම් කර තිබූ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි පැකට් 4775 ක ප්‍රමාණයක් සහ මදන මෝදක අලෙවි කර උපයා තිබූ රුපියල් තුන්ලක්ෂ විසිහතර දහසක මුදලක් ද පොලිසිය විසින් සිදුකළ පරීක්ෂාවේදී සොයාගෙන තිබෙනවා.පොලිසිය විසින් අත්අඩංගුවටගත් මදන මෝදක වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 12 කට ආසන්න බවයි එම නිළධාරින් වැඩිදුරටත් පවසන්නේ තවද මෙම ආයුර්වේද වෙළදසැල පවත්වාගෙන යාම සදහා මෙන්ම මදන මෝදක අලෙවි කිරීම සදහාද මොවුන් ළග කිසිදු බලපත්‍රයක් නොමැති බව පොලිසිය පවසනවා.
වැටලීමෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයුර්වේද ඔසු සැලේ අලෙවිකරු වන අතර ඔහු මොණරාගල සෙවනගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක සැකකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ
අත්අඩංගුවට ගත් සැකකරු අද (29)දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.