දෙසැම්බර් මාසය වනවිට නිවාස 5000 ක්

දෙසැම්බර් මාසය වනවිට නිවාස 5000 ක් ජනසතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද හා මංත්‍රී විශ්‍රාම වැටුප අහෝසිකරන පනත් පාර්ලිමේන්තුවට ගෙන එන බවත් වෙළද හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අඩු ආදායම් ලාභී පව්ල් වෙනුවෙන් නිවාස140 ඉදිකිරිම සදහා චෙක්පත් ප්‍රදානය අද පස්වරුවේදී උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රටේ නිවාස 5000 ක් ඉදිකිරිම රජයේ අරමුණ වන අතර නිවසක් සදහා රුපියල් ලකෂ දහයක මුදලක් ලබාදෙනු ලබයි.

නිවාස ව්‍යාපෘති ප්‍රචාරක වැඩසටහන්ට පමණක් රුපියල් කෝටි පනස් දෙකක් පසුගිය රජයන් සමයේ දී වැයකර ඇති බව ද අමාත්‍යවරයා පවසයි .