අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන අද (24) දින විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
පසුගිය බදාදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත පසු ගිය 21 වනදා භාරදී තිබුණා.
