වත්තල, කඳිරාන පල්ලියවත්ත ප්රදේශයේ ඊයේ (23) දින වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කාර් රථයකින් පැමිණි බවට සැකකරන නාඳුනන පුද්ගලයෙකු විසින් උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 39 ක් වූ බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මද්රව්ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැකකරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
