
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. අවසන් කුඹල් පෙරහර ඊයේ රාත්‍රී විදි සංචාරය කළා.
මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර වීදි සංචාරය ආරම්භ කළේ, ඊයේ රාත්‍රී 6.43 ට යෙදුණු සුබ මොහොතින්. ශ්‍රී දළදා මාලිගාව අසළින් ආරම්භ වූ පෙරහර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමග කැටුව ගමන් කළා. පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ, ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීම සිදු වුණා. පෙරහර කරඩුව, වැඩම කරවනු ලැබුවේ, කතරගම වාසනා හස්ථියා විසින්. ශ්‍රී දළදා මාලිගාවේ සිංහ රාජා සහ පුලතිසි රාජා දැලේ ගමන් කළා. මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද ආරම්භ වීමට නියමිතව ඇත්තේ, අද රාත්‍රී 6.47 ට යෙදෙන සුබ මොහොතින්. අද පළමු රන්දෝලි පෙරහර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, පන්සල පාරෙන් ඉහළටවිත්, දේව වීදිය, කොළඹ වීදිය, ඊ එල් සේනානානයක වීදිය, හරස් වීදිය ඔස්සේ නැවත ඩී එස් සේනානායක වීදියට පැමිණ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතයි.