
පියා විසින් කපා තිබූ වැසිකිලි වලකට වැටී බගවන්තලාව කිව් වතුයායේ 8 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි එම වතුයායේම 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමති (8) හැවිරිදි සිසුවායි.
මිය ගිය සිසුවා එම පවුලේ බාල පුතා බව පැවසෙයි
බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදි කරමින් පවතින නිවසට වැසිකිලියක් ඉදි කිරිම සදහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වලක් කපා තිබෙයි.
එම වලේ වැසි ජලය පිරි තිබෙන අවස්ථාවේ ඒ අසළින් ගමන් කිරිමට තැත්කල පාසල් සිසුවා එම වළට වැටෙන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය සැක කරයි.
තම පුතා නිවසේ නොමැති නිසා තමන් ඒ පිලිබදව සොයා බැලූ බවත්, සැක සිතී කැපු වැසිකිලිවල ඊයේ පස්වරු 5:00ට පමණ පරික්ෂා කිරිමේදි එම වල අසළ තම පුතාගේ පාවහන් යුගල තිබූ බවත්, පසුව වල තුලට බැස පරික්ෂා කිරිමේදි ඒ තුල පුතා සිටි බවත්, පසුව අසල්වාසීන්ගේද සහයෝගය ඇතිව දරුවා දික්ඔය මූලික රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන ගිය අවස්ථාවේ තම දරුවා මිය ගොස් ඇති බව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් පැවසූ බවයි මිය ගිය දරුවාගේ පියා පවසයි
මිය ගිය සිසුවාගේ සිරුර දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොදු කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.