දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරK නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය අද (05) විවාද කිරීමට නියමිතයි.
ඒ අනුව අද (05) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 4.00 දක්වා පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමටත් ප.ව 4.00ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටත් නියමිතයි.
අනතුරුව ප.ව 4.15 සිට ප.ව 5.30 දක්වා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට ද එකඟත්වය පළ වී ඇත.
ඉන්පසු ප.ව 5.30 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටද නියමිතයි.
