වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු මරුට

වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඊයේ (15) දින දහවල් කාලයේ මදුරන්කුලිය, වීරපුර ගැමුණු වැවේ ගිලී පිරිමි ළමයෙකු පුත්තලම රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මදුරන්කුලිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 12 ක්වූ කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෙම දරුවා තම නැන්දනිය සමඟ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධව මදුරන්කුලිය පොලිසිය විමර්ශන සිදුකරනවා.