නයිජීරියාවේ වයඹ දිග සොකෝටෝ ප්‍රාන්තයේ හි ජලාශයක බෝට්ටුවක් පෙරලීමෙන් 40කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු බේරා ගැනීමට හැකි වු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
නගරයෙහි වෙළෙඳපළකට පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවෙහි මගීන් 50 කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට තිබෙනවා.
නියමිත පිරිස ඉක්මවා මගීන් ප්‍රවාහනය අනතුරට හේතුව බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.
නයිජීරියානු ජාතික හදිසි කළමනාකරණ ඒකකය පවසන්නේ අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.
