පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පසුව පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ අංක 2443/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග සහ විදේශ විනිමය පනත යටතේ අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියමයක් විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.