ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණීය දණ්ඩනය

බහින් බස් වීමකින් අනතුරුව පුද්ගලයෙකුට තියුණු ආයුධකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වරදකරු කෙරුණු 43 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

2010 වසරේ මාර්තු මස 02 වනදා කැලණිය ප්‍රදේශයේදී රෝයි පීරිස් නැමැත්තෙකුට ආයුදකින් ඇන මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ප්‍රසාද් කුමාර ජයවීර නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම වුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.