රනිල්ට එරෙහි නඩුව අද

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවීමට නියමිතයි.

මේ වනවිට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වනු ඇති බවයි.

මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාරගත කෙරුණා.

එහිදී ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙනුයි,ඒ මහතා රෝහලට ඇතුළත් කෙරුණේ. මේ වනවිට ‍කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කර තිබෙනවා.