දුර්වල පිතිකරණය හමුවේ පැතුම් – කමිදුශ්‍රී ලංකාවේ ජාමෙ බේරාගනී

පැතුම් නිශ්ශං­කගේ අර්ධ ශත­කය සමඟ ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් ලැබු­ණද ලකුණු 10ක් තුළ කඩුලු 4ක් බිඳ වැටී­මෙන් ජය­ග්‍ර­හණය ඈතට යද්දී සට­න්කාමී නිමා­වක් එක් කර­මින් සිම්බාබ්වේ පිලට එරෙ­හිව ඊයේ පැවති පළමු විස්සයි20 තර­ග­යෙන් ශ්‍රී ලංකා­වට ජය හිමි­කර දීමට කමිඳු මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත සමත් වූහ.

මේ සමඟ තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 1-0ක් ලෙස පෙර­මුණ ගැනී­මට ද ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ සමත් වූහ.

මේ තර­ගයේ කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා පිල පළමුව පන්දු­වට පහර දීමට සිම්බාබ්වේ පිලට අව­ස්ථාව දෙමින් ඉනිම ලකුණු 175කට සීමා කළ අතර, ජය­ග්‍රාහී ඉල­ක්කය පන්දු 5ක් ඉති­රිව තිබි­යදී සපුරා ගත්තේ කඩුලු 6ක් දැවී තිබි­ය­දීය.

පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 96ක් රැස් කර­මින් ශ්‍රී ලංකා පිළි­තුරු ඉනි­මට වේග­වත් ආර­ම්භ­යක් දුන්හ.

පැතුම් නිශ්ශංක

පැතුම් නිශ්ශංක

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ද සමඟ කඩුලු 4ක් ලකුණු 10ක් තුළ දවා ගනි­මින් තර­ගය තම කණ්ඩා­යම දෙසට හරවා ගැනී­මට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු 32කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 55ක් රැස් කළ පැතුම් පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, කුසල් (ජනිත් හා මෙන්ඩිස්) යුග­ලය එක ඕව­ර­ය­කදී දවා ගැනී­මට රිචඩ් න්ගරාවා සමත් විය. පෙරේරා ලකුණු 4ක් සහ මෙන්ඩිස් පන්දු 35කින් ලකුණු 38ක් රැස් කළ අතර, නායක චරිත් අස­ලං­කගේ ඉනිම එක් ලකු­ණ­කට සීමා විය. නුව­නිඳු ප්‍රනාන්දු ලකුණු 7කටත්, දසුන් ශානක ලකුණු 6කටත් දැවී ගිය අතර, සිම්බාබ්වේ පිල දෙසට හැරී තිබූ තර­ගය යළි තම කණ්ඩා­යම දෙසට ඇද ගැනීමට කමිඳු මෙන්ඩිස්ට හැකි විය. පන්දු 16කදී හතරේ පහ­රක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 41ක් රැස් කළ කමි­ඳුට සිය මංගල විස්සයි20 ඉනි­මෙන් සාර්ථක සහා­යක් දුන් දුෂාන් හේමන්ත පන්දු 9කින් නොදැවී ලකුණු 14ක් රැස් කළේය. දෙදෙනා එක්ව 7 වැනි කඩු­ල්ලට පන්දු 14කින් ලකුණු 35ක් එක් කර­මින් ශ්‍රී ලංකා ජය තහ­වුරු කළහ. තර­ගයේ වීරයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට හිමි විය.

පළ­මුව පන්දු­වට පහර දුන් සිම්බාබ්වේ ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් බ්‍රයන් බෙනට් සිය 5 වැනි විස්සයි20 අර්ධ ශත­කය ලෙස ලකුණු 81ක් රැස් කළේය. දෙවැනි කඩු­ල්ලට ෂෝන් විලි­යම්ස් (14) සමඟ පන්දු 21කින් ලකුණු 37ක් එක් කළ බෙනට් තෙවැනි කඩු­ල්ලට සික­න්දර් රාසා (28) සමඟ එක්ව ගොඩ­නැඟූ සබ­ඳ­තාව පන්දු 40කින් ලකුණු 51කි.

දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ පිළි­වෙ­ළින් පළමු සහ දෙවැනි කඩුලු බිඳ දැමූ අතර, ලකුණු 28ක් ලබා සිටි රාසා පිටි­යෙන් ඉවත් කිරී­මට දුෂාන් හේමන්ත සමත් වූයේ මංගල විස්සයි20 කඩුල්ල සට­හන් කර­මිනි.

අන­තු­රුව ඉනිමේ සාර්ථ­කම සබ­ඳ­තාව ගොඩ­නැ­ඟී­මට බෙනට් සමඟ එක්වූ රයන් බර්ල් සමත් විය. ඔවුන් දෙදෙනා පන්දු 35කින් ලකුණු 51ක් එක් කර තිබි­යදී දුෂ්මන්ත චමීර ක්‍රියා­ත්මක කළ ඉනිමේ 19 වැනි ඕව­රයේ තෙවැනි සහ හය වැනි පන්දු­ව­ලින් දැවී ගියහ. බෙනට් පන්දු 57කදී හතරේ පහර 12ක් එල්ල කළ අතර, බර්ල් පන්දු 15කින් ලකුණු 17ක් රැස් කළේය.

නුවන් තුෂාර ක්‍රියා­ත්මක කළ ඉනිමේ අව­සන් ඕව­ර­යේදී පිට පිට පන්දු 2කින් කඩුලු 2ක් බිඳ වැටුණු අතර, කඩුලු 7කට ලකුණු 175ක් ලෙස ඉනිම නිමා විය. පන්දු යැවී­මේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් බිඳ දැමූ අතර, දුෂාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර කඩුල්ල බැගින් දවා ගත්හ. ඊයේ තර­ග­යේදී දුෂාන් හේම­න්තට විස්සයි20 ජාත්‍ය­න්තර තරග වරම් හිමි විය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තර­ගය අනිද්දා (6) හරා­රේ­දීම පැවැත්වේ.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ – 175/7යි. (ඕවර 20) බ්‍රයන් බෙනට් 81, සික­න්දර් රාසා 28, රයන් බර්ල් 17, ෂෝන් විලි­යම්ස් 14, ටෂිංගා මුසෙ­කිවා 11 (දුෂ්මන්ත චමීර 30/3, දුෂාන් හේමන්ත 28/1, මහීෂ් තීක්ෂණ 38/1, නුවන් තුෂාර 47/1)

ශ්‍රී ලංකාව – 177/6යි. (ඕවර 19.1) පැතුම් නිශ්ශංක 55, කමිඳු මෙන්ඩිස් නොදැවී 41, කුසල් මෙන්ඩිස් 38, දුෂාන් හේමන්ත නොදැවී 14 (රිචඩ් න්ගරාවා 19/2, සික­න්දර් රාසා 26/1, බ්‍රැඩ් එවන්ස් 30/1, බ්ලෙසින් මුස­ර­බානි 41/1, ටිනො­ටෙන්ඩා මපෝසා 47/1)