
තම ගුවන් සීමාව උල්ලංඝනය කළ රුසියානු ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙලූ බව පෝලන්තය සඳහන් කරනවා.
යුක්රේනයට එල්ල කළ ප්‍රහාරයකදී රුසියානු ඩ්‍රෝන යානා මෙලෙස පෝලන්ත ගුවන් සීමා උල්ලංඝනය කර තිබෙනවා.
රුසියා – යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු පෝලන්තය තම ගුවන් සීමාව තුළ රුසියා යානා වලට වෙඩි තැබූ පළමු අවස්ථාව ද මෙයයි.
පෝලන්ත සන්නද්ධ හමුදාවන් සඳහන් කර ඇත්තේ බිම හෙලන ඩ්‍රෝන යානා සොයා ගැනීමට මෙහෙයුම් සිදුවෙමින් පවතින බවයි.
රුසියා හමුදා යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මීට පෙර පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපළ ඇතුළු ගුවන් තොටුපළ හතරක් වසා දමා තිබුණා.