සීගිරි කැඩපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

සීගිරි කැටපත් පවුරේ කොණ්ඩා කටුවකින් අකුරු ලියු තරුණිය ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද ලබාදුන් නියෝගයකට අනුවයි.

සැකකාරිය අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.

ඇය සේවය කරන සේවා ස්ථානයෙන් සංවිධාන කළ විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණ ඇති අතර, එහිදි ඇය සිය කොණ්ඩා කටුවෙන් ඉංග්‍රීසි අකුරු 6 ක් ලිවීම නිසා සීගිරිය පොලිසිය ඊයේ පස්වරුවේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.