කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ නවයහමාරකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ‘සිරිමුතු උයන’ නිවාස සංකීර්ණය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දහවල් වැටලීම සිදු කරනු ලැබ ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්.
සැකකරු අවුරුදු 27 ක් වයසැති කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 9 යි ග්‍රෑම් 555 ක් සොයාගෙන තිබෙනවා. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 7 ක් පමණ වන බව පොලීසිය සදහන් කළා.
