කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (28) දින උදෑසන කාලයේ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඇත.
එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 523ක් සන්තකයේ තබාගෙන තායිලන්තයේ බැංකොක් සිට ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 29 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
