චාල්ස් රජුගේ සහෝදරයා වන ඇන්ඩෲ කුමරුගේ සියලු රාජ්ය තනතුරු ඉවත් කර තිබෙනවා.
ඒ ඔහු ස්ත්රී දූෂණ සහ අපචාර සම්බන්ධ චෝදනා ලැබ සිටින ජෙෆ්රි එප්ස්ටයින් සමග පැවති සබඳතා හේතුවෙන්.
ඒ අනුව මින් ඉදිරියට ඔහුට කුමරු යන යෙදුම භාවිත නොකෙරෙනු ඇති.
බකිංහැම් මාළිගය ඊයේ නිවේදනය කළේ රජුගේ සහෝදරයා මින් ඉදිරියට ඇන්ඩෲ මවුන්බැට්න් වින්ඩ්සර් යන නමින් හඳුන්වන බවයි.
ඔහු මීට සති කිහිපයකට පෙර ඔහුට ලබාදී තිබු රාජකීය තනතුරු කිහිපයක් අතහරිනු ලැබුවා.
යෝක් හි ආදිපාදවර තනතුර ඇතුළු තවත් තනතුරු කිහිපයක් ඒ අතර වනවා.
මෙවර ඔහුගේ සියලු රාජකීය නිල නාම ඉවත් කිරීමට බකිංහැම් මාළිගය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව ඔහුට රාජකීය නිල නිවසින් ඉවත්වීමටද සිදුවනු ඇති. ඇන්ඩෲ මවුන්බැට්න් වින්ඩ්සර්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳව ගැටළු රැසක් පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුට විරුද්ධව චෝදනා රැසක්ද එල්ල වී තිබෙනවා.
