“රටම එකට” ජාතික මෙහෙයුමට සැකකරුවන් 1,314 ක් කොටු

පසුගිය 30 වැනිදා ආරමභ කළ “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ කළ වැටලීම්වලදී, ඊයේ දින වනවිට සැකකරුවන් 1,314 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත, මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ යටතේ, මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ යටතේ හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීම් 419 ක්, අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 480 ක්, ‍කොකේන් මත්ද්‍රව්‍ය එක් වැටලීමක් සහ ගංජා මත්ද්‍රව්‍ය වැටලීම් 311 ක් ඇතුළුව මත්ද්‍රව්‍ය වැටලීම් 1,311 ක් සිදුකර තිබෙනවා.

මේ යටතේ නීති විරෝධී වත්කම් සම්බන්ධ විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 4 ක්.

රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 31 ක් වනවා.

සැකකරුවන් 8 දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.