මෙක්සිකෝවේ ගින්නකින් 23 ක් මරුට

‍මෙක්සිකෝවේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ඊයේ සිදු වූ පිපිරීමකින් 23 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර දරුවන් ද සිටින බව සඳහන්.

වයඹදිග මෙක්සිකෝවේ සොනෝරා ප්‍රාන්තයේ හර්මොසිලෝ නගරයේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදු වූ මෙම පිපිරීමෙන් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම් ‍මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් බලවත් ශෝකය පළ කරමින්, විපතට පත් සියලු දෙනා සඳහා සහන සැලසීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොදවන බවද ප්‍රකාශ කළා.

මෙක්සිකානු ආරක්‍ෂක අංශ පවසන්නේ, මෙම පිපිරීම හිතාමතා සිදුකළ ප්‍රහාරයක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි. පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.