දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඇරබියන් ඔරෙක්ස් ගව පවුලට තවත් පිරිමි පැටවෙකු උපත ලබා තිබෙනවා.
ඇරබියන් ඔරෙක්ස් ගවු පවුලේ පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු සිටිනවා.
මසක් වයසැති පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ.
පෙරදිග අර්ධ කාන්තාරය නිජබිම කරගත් මෙම සතුන් ලොව වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයක් ලෙස රතුදත්ත පොතට ඇතුළත් කර තිබෙනවා.
ඒ, දඩයක්කරුවන් මස් පිණිස සහ අංතට්ටු ලබා ගැනීම සඳහා මෙම සතුන් ඝාතනය කිරීම නිසා වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා.
මෙවුන්ගේ වයස් සීමාව වසර 18 ත් 20 ත් අතර වන අතර, සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 60 ත් 65 ත් අතර වනවා.
මෙම සතුන් ලෝකයේ සත්වෝද්‍යානය තුළ සුරක්ෂිත කර, බෝ කිරීම් සිදු කරනු ලබනවා.
දැනට ලෝකයේ ඇරබියන් ඔරෙක්ස් ගවයින් ජීවත්ව සිටින්නේ 6000 ත් 7000 ත් අතර සංඛ්‍යාවක් පමණයි.
ඉන් බහුතරය වනාන්තරවලට මුදාහැර ඇති බවයි සත්වෝද්‍යාන බලධාරීන් කියා සිටින්නේ.
