2026 ලෝක කුසලාන 20-20 තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන ගැන හෙළිදරව්වක්

2026 වසරේ ලෝක කුසලාන 20 -20 ක්‍රිකට් තරගාවලියේ තරග ක්‍රීඩා කරන ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අහමදාබාද් , දිල්ලි , කොල්කටා, චෙන්නයි සහ මුම්බායි ඉන්දියාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙස නම් කර ඇති අතර කොළඹ ක්‍රීඩාංගණ දෙකකදී මහ මහනුවරදී ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙනවා.

කණ්ඩායම් 20 ක සහභාත්වයෙන් ලබන වසරේ පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වන තරගාවලිය මාර්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේදී කණ්ඩායම් ඛාන්ඩ 4 ක් යටතේ තරග වදින අතර, ඉන් පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 බැගින් සුපිරි කණ්ඩායම් 8 වටයට සුදුසුකම් ලබනු ඇති.

සුපිරි කණ්ඩායම් 8 වටයේ තරග පැවැත්වෙන්නේද කාණ්ඩ 2 ක් යට‌තේයි.

ඉන් පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 බැගින් අවසන් පූර්ව වටයේ තරග සදහා සුදුසුකම් ලබනවා.

එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක 2026 වසරේ ලෝක කුසලාන 20 -20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇති.

පකිස්ථානය ක්‍රීඩා කරන සෑම තරගයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, පකිස්ථානය අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත් අවසන් තරගයද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ.