කොහුවල, කළුබෝවිල ප්රදේශයේ ඊයේ (23) දින දහවල් නිවසක කාමරයක් තුල විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
කොහුවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 26 ක් වූ චීන ජාතික කාන්තාවකි.
මරණකාරිය ඉහත නිවසේ පදිංචිව සිට ඇති බවත්, ඇයගේ චීන ජාතික පෙර පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
