මාතරට මහ වැසි

පැවති දැඩි වියළි කාලගුණය නිමා කරමින් මාතර ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලුණා.

වැසි සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ප්‍රබල අකුණු සැර පතිත වන අයුරුද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.