ඊයේ (23) දින කාම්බෝජයේ සිට මැලේසියාවේ කුවාලාලම්පූර් හරහා MH-0179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි වයස අවුරුදු 35 සහ 53 යන වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු මෙලෙස රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා විසින් සිය ගමන් මලු තුළ සඟවාගෙන මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි සංඛ්‍යාව 28,400ක්.
රේගු නිලධාරීන් පවසන්නේ, මෙහි වෙළඳපල වටිනාකම රුපියල් ලක්ෂ 42කට වඩා අධික බවයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම දුම්වැටි තොගය ගුවන්තොටුපළින් පිටතට රැගෙන යාම සඳහා මොවුන් දෙදෙනාට ලබා දී ඇත්තේ චීන ජාතිකයෙකු විසින් බවට අනාවරණය වී ඇත.
