ඉරාන අත්අඩංගුවට පත් වූ විදේශීය නෞකා

ඉරාන බලධාරීන් විසින් විදේශීය කන්ටේනර් නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන තවත් නෞකාවකට වෙඩි තැබීමත් සමඟ කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය අප්‍රේල් 13 වනදා සිට ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව ක්‍රියාත්මක කළ නාවික අවහිර කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය මේ වන විට දෙපාර්ශවයේම දැඩි අවධානයට ලක්ව ඇති අතර, මුහුදු සීමාවන් දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන අමෙරිකානු සහ ඉරාන හමුදා විසින් එම මාර්ගය භාවිතා කරන නෞකා සඳහා සිය අනුමැතිය අනිවාර්ය කර තිබෙනවා.