මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07 ක් හුවමාරු කර ගැනේ

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර  ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ඉදිරියේ අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

මාලදිවයින් – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍යය, ක්‍රීඩා, සංචාරක,අධ්‍යාපන, සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර තුළ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු විය.