නොච්චියාගම පොලිස් වසමේ නොච්චියාගම ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ මෘත ශරීරයක් පිළිස්සෙමින් ඇති බවට නොච්චියාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම මෘත ශරීරය හඳුනාගත නොහැකි ආකාරයට පාදවල දණහිස් දක්වා පිළිස්සී ඇති අතර මෙය කාන්තාවකගේ මෘත ශරීරයක් බවට දැනට හඳුනාගෙන ඇත.
දකුණු අතේ මැදගිල්ලේ මුදුවක් පැලඳ සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
