“හැන්ටා වයිරසය” මගී නෞකාවක පැතිර යාම වසංගතයක ආරම්භය නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
මේ පිළිබඳ අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග සහ වසංගත රෝග විද්‍යාඥවරියක සඳහන් කළේ හැන්ටා වයිරසය කොවිඩ් හෝ ඉන්ෆ්ලුවෙන්සා මෙන් නොව “සමීප සම්බන්ධතා” තුළින් පැතිරෙන්නක් බවයි.
එය වසර හයකට පෙර කොවිඩ්-19 තත්ත්වය මෙන් පැතිරීමක් සිදු නොවන බවද ඇය කියා සිටිනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ කියා සිටියේ සමස්තයක් ලෙස හැන්ටා වයිරසයේ සැක සහිත රෝගීන් අට දෙනෙකුගෙන් පස් දෙනෙකු තහවුරු කර ඇති බවයි.
වෛරසය වැළඳී ඇති 69 හැවිරිදි ලන්දේසි කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා.
වයිරසය සාමාන්‍යයෙන් මීයන්ගෙන් පැතිරෙන නමුත් මිනිසුන්ගෙන් මිනිසුන්ට වෛරසය සම්ප්‍රේශනය වීමක් වාර්තා වූයේ ප්‍රථම වරට බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
දැනට රෝගය වාර්තා වී ඇති සුඛෝපභෝගී මගී නෞකාව පසුගිය අප්‍රේල් 1 වන දින ආර්ජන්ටිනාවේ උෂුවායියා හිදී සිය ගමන ආරම්භ කළා.
එය ලබන 10 වැනිදා ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙත පැමිණීමට සැළසුම් කර ඇත්තේ.
