ඉන්දුනීසියාවේ උතුරු මලුකු දූපතේ පිහිටි දුකෝනෝ ගිනිකන්ද සිකුරාදා උදෑසන හදිසියේ පුපුරා යාමෙන් සිංගප්පූරු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බලධාරීන් විසින් පනවා තිබූ සංචාරක තහංචි නොතකා කඳු නැගීමේ නිරත වූ විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
