සත්ව පනත සංශෝධනය කිරීම

1958 අංක 29 දරන සත්ව පනතෙහි ‘සතා’ යන අර්ථ නිරූපණයෙහි ‘ එළ හරකා’ සහ ‘ මී හරකා’ යන සතුන්ට අමතරව ඌරා, එළුවා සහ බැටළුවා ද ඇතුළත් කර පනතේ අර්ථ නිරූපණ වගන්තිය සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය හිමව තිබෙනවා.

එම අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් භාෂාත්‍රයෙන්ම සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, එකී සංශෝධනය ඇතුළත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.