දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වු මිනිස් ජීවිත සහ විනාශ වූ දේපොළ සඳහා වන්දි ගෙවීම, ව්‍යාපාර හානි ගෙවීම, නිවාස හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස කරුණු විමසූ ජනාධිපතිවරයා නැවත පදිංචිකිරීම් සහ ඉඩම් හඳුනා ගැනීමේ ක්රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන්ව විමසා බැලුවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ්, නිල්දණ්ඩාහින්න, කොත්මලේ බටහිර, තලවාකැලේ, වලපනේ, මතුරට, හඟුරන්කෙත, කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10හිම පවුල් 18,266කට අයත් පුද්ගලයන් 61,833ක් පීඩාවට පත් වූ අතර වතු නිවස 675කට සහ ගම්මානවල නිවාස 1565කට පුර්ණ හානිත්, වතු නිවාස 612කට සහ ගම්මානවල නිවාස 153කට අර්ධ හානිත් සිදු වූ අතර ජීවිත හානි 93ක් වාර්තා වුණා.
