පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

හදිසි ජලගැලීම් හේතුවෙන් සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩිය ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ (13) දින පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කිරීමට සිදු වී තිබුණා.

ඒ අනුව අද (14) දින පස්වරුවේ සිට පුත්තලම් මාර්ගයේ දුම්රියයන් නියමිත කාලසටහනට අනුකූලව ධාවනය කරනු ලබනවා.