එබෝලා යළි හිස ඔසවයි ?

ලෝක සෞඛ්‍ය සංවිධානය කොංගෝ, උගන්ඩාව, දකුණු සුඩානය යන රටවල පවතින එබෝලා වෛරස් ව්‍යාප්තිය, ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වනවිට 80 දෙනෙකු මියගොස් ඇතැයි එම සංවිධානය පවසනවා.

කොංගෝවේ “ඉටුරි” පළාතේ “බුනියා”, “රුවම්පාලා” සහ “මොන්ග්වාලු” යන සෞඛ්‍ය කලාප 3 ක් තහවුරු කළ රෝගීන් 8 දෙනෙකු සහ වෛරසය වැළදී ඇතැයි අනුමාන කෙරෙන රෝගීන් 246 දෙනෙකු වාර්තා වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසනවා.

මෙම වෛරසය ආසාදනය වූ සංචාරකයින්ගෙන් එය උගන්ඩාවේ “කම්පාලා” අගනුවර වෙත ව්‍යාප්ත වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

මෙම රෝගීන් සොයා ගැනීමේ කටයුතුද වේගවත් කර තිබෙනවා.

කලාපීය රටවල් ඒකාබද්ධ දේශ සීමා නිරීක්‍ෂණ සහ ආරක්‍ෂිත පියවරයන් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.