ස්විට්සර්ලන්තයේ ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඡේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (16) පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව (Common Wealth Health Coordination Forum) පැවැත්වුණා.
මෙවර එහි තේමාව වුයේ “Shaping the Future of cancer across the common wealth” යන්නයි.
Lancet oncology common wealth වාර්තාවේ නිර්දේශ මත පදනම්ව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම මෙහි මුලික අරමුණ විය.
මෙම සමුළුව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වු H.E.Leslie Ramsammy මහතා මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙසද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම සමුළුව නියෝජන්ය කළ අතර ඒ මහතා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රීධරන්, ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක යන මහත්වරු ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඡේෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම වැඩසටහනට එක් වූහ.
79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි මස 23වන දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මුලස්ථානයේ දී පැවැත්වේ.
