ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය උපායමාර්ගික තෙල් සංචිත සහ ද්‍රව පෙට්‍රෝලියම් වායු සහයෝගීතාවයට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට ද නියමිතයි.
මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දුටු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, වත්මන් ගෝලීය අර්බුද හමුවේ නවදිල්ලියේ නොසැලෙන සහයෝගය එමීර් රාජ්‍යය වෙත නැවත වරක් තහවුරු කර සිටිනවා.
ඉන් අනතුරුව නෙදර්ලන්තය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට රාජකීය යුවළ වන විලෙම් ඇලෙක්සැන්ඩර් රජු සහ මැක්සිමා රැජින අද රැජින හමුවී තිබෙනවා.
ඇම්ස්ටර්ඩෑම් නුවර රාජකීය මාලිගයේදී පැවැති මෙම නිල හමුවේදී දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව නායකයන්ගේ සුහද අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම ජල කළමනාකරණය, කෘෂිකාර්මික තාක්ෂණය සහ හරිත බලශක්ති ක්ෂේත්‍රයන්හි ඉන්දියාව සහ නෙදර්ලන්තය ඒකාබද්ධව ක්‍රියාවට නංවන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී අගය කිරීමටයි රාජකීය යුවළ පියවර ගෙන ඇත්තේ.
මෙම නිල හමුවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
එහිදී ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙරටේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සහ සෘජු විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවයි වාර්තා වන්නේ.
