වසර 150කට වඩා ඉපැරණි බගවන්තලාව ප්රාදේශීය තැපැල් කාර්යාලය ප්රතිසංස්කරණය කිරීමෙන් පසු ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ ප්රධානත්වයෙන්.
සේවක නිල නිවාසද ප්රතිසංස්කරණය කර තිබෙනවා.
තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීමට රජය රුපියල් මිලියන 600ක් වෙන්කර ඇතැයි තැපැල්පතිවරයා මෙහිදි කියා සිටියා.
