ඇමති නලින්ද අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ගිය 16 වන දින ජිනීවා නුවර දී ආරම්භ වූ අතර එය ලබන 22 වන දින දක්වා පැවැත්වෙනවා.

මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක් වීමට නියමිත අතර අද (18) ප්‍රධාන සමුළුව ඇමතීමට ද නියමිතයි.

මෙම සමුළුව පැවැත්වෙන කාල පරිච්ඡේදය තුළ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමග මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණාවක් සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වනවා.