කටුනායකදී කෝටි 14කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කොටු

රුපියල් දාහතර කෝටි පනස්ලක්ෂ විසිදහසක් වන කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින්.

සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට අද අළුයම මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ ඇසුරුම් 28 ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14 කට වැඩි ප්‍රමාණයක් සඟවා තිබූ බවයි රේගුව පවසන්නේ.

සැකකරුවන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

වැඩිදුර විමර්ශනස සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාරදී තිබෙනවා.