පවතින කාලගුණික තත්ත්වය හමුවේ අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ඊයේ (22) පෙරවරු 5.30 ට නිකුත් කරන ලද අංක 01 ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය, ඉදිරි පැය 48 ක කාලය සඳහා තවදුරටත් දීර්ඝ කරන බවයි එම දෙපාර්තමේන්තුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙම ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනය ලබන 25 වැනිදා පෙරවරු 6.00 දක්වා වලංගු වනු ඇති.
මේ හේතුවෙන් අත්තනගලු ඔය ද්‍රෝණියට අයත් පහත්බිම්වල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, විශේෂයෙන්ම අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලීමක් කෙරෙනවා.
