කැළණි ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ඉදිරි පැය 48 ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ගංගා ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව, කැලණි ගංගා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගඟ ආසන්න පහත්බිම් ප්‍රදේශ සඳහා මෙම අංක 02 ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය හෙට (24) පෙරවරු 10.00 දක්වා වලංගු වනු ඇති.
මේ හේතුවෙන් පවතින තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් මෙන්ම, ඒ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. අ
වශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින්ද මෙහිදී ඉල්ලීමක් කෙරෙනවා.
