හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර කාන්තාව සතු පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු හැටන් සහ බගවන්තලාව පොලිසිය මගින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හැටන් මහේස්රත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වාර්ථාවක් ලබා ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිළධාරින් පියවර ගැනුණා.
සැකකරු බගවන්තලාව පෙට්රසෝ වතුයායේ බිරිඳගේ සොයුරාගේ නිවසේ සැඟව සිටියදී එම නිවස අසල පදිංචිකරුවන් පිරිසක් විසින් සැකකරු සොයා දෙන ලෙස මාධ්‍ය මගින් කළ දැනුම්දීමක් මත ඒ පිළිබඳව පොලිසිය වෙත තොරතුරු ලබා දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකරුගේ බිරිඳ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, සැකකරු තවදුරටත් පොලිසිය තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබා ගන්නා බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරියෙකු කියා සිටියේ.
සැකකරුගේ ඡායාරූප මාධ්‍ය සහ සමාජ මාධය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරුට සොරා ගන්නා ලද ස්වර්ණාභරණ උකස් තැබීමට හෝ විකිණීමට නොහැකි වූ බව සැකකරු විසින් හැටන් පොලිසිය හමුවේ පවසා ඇත.
සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණ සියල්ල පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, ඝාතනයට ලක් වූ එස්.කාලිමුත්තු සත්තිවේල් (85) සහ සගුන්තලාදේවි (82) යන අයගේ අවසන් කටයුතු අද (24) දින පස්වරුවේ ඥාතීන් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැද දික්ඔය දරවල පොදු සුසාන භූමියේදි සිදු කෙරුණා.
ඝාතනය සම්බන්ධයෙන් හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විමර්ෂන කටයුතු සිදු කරනවා.
